Ads Top

හැර දා !


හැර දා !

සිත්තම් මායා | අනූ පෙරේරා 

මුළු ලෝකයක් 
ඔහුගෙන් ඇසුවේ 
එකම ප්‍රශ්නයයි 
'තමුසෙට පිස්සුද ඕයි '
'ඔය කෙල්ල විතරද ඉන්නේ '
සිහි විකල් ගතියෙන්ම 
ඔහු තමන්ගේ අතේ තිවුණු 
බාගෙට ඉවර වුණු 
බාල වර්ගයේ අරක්කු බෝතලය 
බලා කින්ඩියට මෙන් 
සිනා සුනා පමණි 
' එයා එහෙම කෙනෙක් නෙවෙයි ' 
කියන්නට තරම් 
වෙරක් ඔහුට නොතිබුණ ගානයි 
'උඹව නොලැබුනොත් 
මං උඹව මරනවා '
ඔහු ඇයට පෙර දිනෙක 
වෙන්වීමේ වේදනාව 
දරා ගන්නට බැරිම තැන 
කිව්වාට ආදරයේ උපරිමයෙන් 
එකඳු කඳුලක් නොහෙලා මෙන් 
ව්‍යාජව සතුටු වෙන්නට 
ඒ පිරිමි හිතට 
අවසානයේ ඉතිරි වූවේ 
ඇයගේ 
විවාහා ආරාධනා පත පමණයි 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.