Ads Top

වස්තුකරේ vs දොස්තර ජයේ


වස්තුකරේ vs දොස්තර ජයේ 

සිත්තම් මායා | අනූ පෙරේරා 

එයා මගේ වස්තුකරේ 
මාස ගාණක ඉඳන් හිටියේ අසනීපෙන් 
මොකක් වෙනවද මොනවා වෙනවද 
කිසිම දෙයක් නොතේරී තිබුණේ 
එහෙං මෙහෙන් ගොඩ වෙදකම් කළත් 
කිසි ගුණයක් නොතිබුණ නිසාම 
හොඳම දොස්තර කෙනෙක් අල්ලලා 
අරං ගියා වස්තුකරේ ව පෙන්නන්න 
දොස්තර නමින් තිලිණ ජයරත්න 
ආදරේට ජයේ කියන්ටත් පුළුවනි 
ඔහු හිටි පොට් එකේ පෙනුමෙන්ම 
මට හිතුනේ ඔහු ඇසක්පර්ට් කෙනෙක් ලෙසයි 
ඇණ මුරිච්චි හැමතැනම 
හෙළුවෙන් වගේ ලැප් ටොප් පරිගණක 
හතරක් පහක් තවත් තැනක 
ඒ අස්සට මගේ වස්තුකරෙත් හනිකට 
ඉතිං මම වමාරනවා 
එයාට තිබුණ ලෙඩ ටික 
දෘඩාංග දොස්තර ජයේ ට 
ඔහු ඇස් වසාගෙන හොඳ හුස්මක් අල්ලගෙනම 
අහවල් දේ වෙලා වෙන්න පුළුවන් 
එහෙම උනොත් මෙහෙම වෙන්නත් පුළුවන් 
මෙහෙම උනොත් ඒ විදියට කරන්න වේවි 
ජයේ පිස්සෙකු මෙන් කියවගෙන කියවගෙන යයි 
මට ඒ කොම්පියුටර් කෑලි බෑලි වචන 
කිසිවක් තේරුණේ නැත 
සියල්ලකටම කියන්නට තිබුණේ 
හොඳ විදියක් කරමු ලෙසයි 
ඒ කතා කරගත් හොඳ විදියේ ප්‍රතිඵලය 
ඔහු මගේ දෑත මත පෙර දිනෙක තැබුවේය 
හනේ මගේ වස්තුකරේ !!! 

#අනුවා - ලැප් එක සාදාගත් ප්‍රීතිය භුක්ති විඳිමින් විත් දෘඩාංග දොස්තර ජයේ 
Siththam Maya | Anu Perera. Powered by Blogger.