Ads Top

MC එකෙන් 3D බයිස්කෝප් එකක් බලමුද with කෝඩුකාරයෙක්


MC එකෙන් 3D බයිස්කෝප් එකක් බලමුද with කෝඩුකාරයෙක් 

සිත්තම් මායා | අනූ පෙරේරා 

සීන් කෝන් එක මෙසේය 
සෙට් එකත් සමග Pirates of the Carrebean 
අලුත්ම ෆිල්මිය MC හී  බැලීමයි 
එතැන එකෙක් 
3D වලට කෝඩුකාරයෙක් බව කිව යුතුමය 
එනමුත් උන්දැගේ නම්බුව ගැන සිතා නම පවසන්නට බැරිය 
නම කියන්නට තිබුණා නම් අගේය 
කීවොත් මාගේ මේ අවසාන සිත්තම් මායාව වනු නියතය 
අමුතුවෙන් කියන්නට උවමනාද 
පළමු වතාවක 3D අත්දැකීම 
මමත් එය හොඳට පහු කොට ආ බව මතකය 
කණ්නාඩිය සමග අප අසුන් ගත්තේ 
වෙන් කළ ආසන වල නොවන බව අප දන්නේ අවසානයේදීය 
කෙසේ හෝ 
අපගේ අතිශය මැන්ටල් කෝඩුකාරයා 
මට එහා පැත්තේය 
හයි ෆයිව් එකක් දමා ෆිල්මිය බලන්නට ගත්තෝය 
ඩෑල් එකක් කැප්ටන් ජැක්ට  අසිපත අමෝරා ආවේය 
එය ඔහුගේ පපුව හරහා ගිය නමුත් 
බෝතලයක් කුඩු වනු සබ්ධයක් පමණක් ඇසුනෝය 
එය ඔහු අස්සේ ගහගෙන සිටි නැව ඇතුලට දමා තිබූ බෝතලය 
මෙහෙම කීවාට මෙලෝ දෙයක් නොතේරෙනු ඇත 
බැලුවා නම් වඩාත් හොඳය 
කැප්ටන් ට කිසි අනතුරක් නැත 
එනමුත් කෝඩුකාරයාට හොඳටම තුවාලය 
අසිපත ඔහුගේ පපුව හරහා ගොස් 
පිටුපස සිටි කෙනාගේ දණහිස දක්වා ගොස් ඇති බව 
ඔහුව දුටු අපට තේරුම් විය 
නැවේ turn එකට 
අපේ එකා හොඳටම නැහැවිලාය 
හත් දෙයියනේ එතැන ගොඩේ පාර්ට් ගොඩය 
එනමුත් එය ආතල් ය 
පිටිපස සැට් එකෙනුත් හොඳ බැක් අප් එකක් ලැබුනෝය 
ඉතිං අපි පිස්සු නටන්නට පටන් ගත්තෝ ය 
කොලපීට්, බම්බා ප්ලේස් වල 
ගෑල් ළමයිට අපිව මැජික් ය 
හරිම හිරිකිතය 
එය අපට තව තවත් ආතල් ය 
එනමුත් වැඩි කරදරයක් නොකළාය 
මාගේ උපදෙස මෙය ය
3D බයිස්කෝප් බලන විට කෝඩුකාරයෙක් රැගෙන යාම පංකාදු ය 
ආතල් ගොඩය 
බයිට් වීම් ගොඩය 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.