Ads Top

මගේ අඳුරු කාමරේ


මගේ අඳුරු කාමරේ 

සිත්තම් මායා | අනූ පෙරෙරා

කුණු ගොඩක් නොවුන
කාලෙකින් හොඳ පිරුවට අස් කරපු 
මගේ රාජධාණියේ 
ලයිට් ඕෆ් කරලා එහෙම
ඒ අඳුරට 
ලැප් එකේ එළිය මුහු කරලා 
හෙඩ් සෙට් එකෙන් 
අෆීමී සිංදුව කාටත් නොඇසෙන්නට
අහන ගමන් 
මෙන්න මේ අකුරු ටික කොටන්නට හිතුනේ 
කෝපි කෝප්පයක් ලඟින් තියාගෙනමයි 
ඒක පට්ට ෆීලින්ග් එකක් 
හරියට ෆුල් ලව් කරලා 
බූට් එකකුත් කාලා 
පැත්තකට වෙලා 
දාර්ශනික ටෝක් එකක් 
ලෝකෙටම බෙදනවා වගේ අයියෝ 

#අනුවා
Siththam Maya | Anu Perera. Powered by Blogger.