Ads Top

සොදුරියේ අපි මැවූ සිහින


සොදුරියේ අපි මැවූ සිහින

සිත්තම් මායා | ප්‍රමිල සිල්වා 

මොහොතකින් මොහොතකට...
ගතවෙන හැම නිමේෂයක....
කොදුරලා සෙනෙහසින්...
එකට ඈදුන අපේ ජීවිත...
සිහිවේ සිතේ අද්දර...
මැවෙන ඒ සෙනෙහසේ සිහින...
කියාගන්න බැරිව ලැතැවෙන...
විලාපය හා දුක් කතන්දර...
නුඹේ ආදරේ හැගුම් බර...
ගැට ගසා පොදි බැදි...
පොට්ටනිය කරගහගෙන මම...
හිමින් සීරුවේ රහසින්ම දරාගෙන..
ගෙනගොසින් බොහේ දුර ඈතට...
හංගවා වලදමපු කාලයේ සරදම...
සොදුරියේ අපි මැවූ සිහින...
උබට එපා වුනු දාට...
කියාපන් මට...
උබ අමතක කරපු බව...
උබම අත හැරිය බව...
සත්තයි මම එදාට...
ඉඩ හරින්නෙමි උබට..
මට අහිමි ඒ හීන...
යලිත් මට සිහි නොවන්නට...
මකා දමන්නට මගේ මතකය...
එක වරක් නොව කිහිප වාරයකට...
නොඇවිදින්නය අයෙමත්...
උන්මත්තකයන් ලෙසින් අපි...
මේ ජීවිතය තුරාවට...

#cracky 

Siththam Maya | Anu Perera. Powered by Blogger.