Ads Top

The Final Kiss


The Final Kiss

සිත්තම් මායා | අනූ පෙරේරා 

මං, 
ජීවිතේ,
කෑගහලා අඬලා නැති තරම් 
දරාගන්න බැරි වේදනාවෙන් 
පපුව අල්ලා ගෙන 
පොළවට වැටි නැති තරම් 
ඔබ එය දුටුවා නම් 
විකාරයක් වනු නියතයි මං 
නමුත් 
ඔහු මා හැරගිය ඒ පුවත 
දරාගැනීමේ සීමා 
කොන්දේසි විරහිතව බිඳ දැමුවා 
ඔයා දන්නවා ද 
කිසිම කෙනෙකුට බිරුවේ නෑ එයා 
නොන්ජලේට හැදුනේ එයා 
කවුරු කොහොම මොනවා කිව්වත් 
මගේ මල්ලි එයා 
පෙරේරා පවුලේ බාලයා එයා 
නමින් 
සිම්බා පෙරේරා 
පාලු පාරක ඉඳන් අරන් ආවේ 
එයාව ඕනෙමයි කියලා ගෙදර යුද්ධ ප්‍රකාශ කරලා මං හිටියේ 
තිරිසනෙකුගේ තැන නෙවෙයි දුන්නේ 
ඒත් 
ඒ අවාසනාවන්ත සෙනසුරාදාවේ 
මං ගෙදර එනකොට 
එයා ගිහිං 
ගතින් අඩි ගණනක් යටට 
ආත්මයෙන් අඩි ගණනක් උඩට 
එයාට ටිකක්වත් හිතුනේ නැද්ද 
එයාගේ අක්කා කොච්චර දුක් වෙයිද කියලා 
කොච්චර අඬයි ද කියලා 
මම හිතුවේ වත් නෑ 
එයා එච්චර හිඩැසක් පුරවාගෙන 
මගේ ජීවිතය අස්සේ වටිනාකමක් උන බව 
ඒ වගේ බොළඳ චරිතයක් 
මගේ ඇතුලේ ඇති කියලා 
මමවත් විශ්වාස කළේ නෑ 
නැති උන අය වෙනුවෙන් 
අහස දිහා බලාන කතා කරන මිනිස්සු 
ඇත්ත ජිවිතේ සිටිනා බව 
පිළිගන්නට සිදු උනා මට 
මාවම නිදර්ශනයට ගනිමින් 

#අනුවා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.