Ads Top

නොගැලපුණු අකුරු


නොගැලපුණු අකුරු 

සිත්තම් මායා | අනූ පෙරේරා 

සතියක අවසානය හෙට බව සිතෙන දිනයක 
තැලී පොඩී පැක් වී කොලොම්පුරේ හිඳ 
පැය එකහාමාරක් හතළිස්පහක් ගෙවා 
නිවසට ගොඩ උනාට පසුව 
සියලු කේලම් ස්ටෝරිය මව් ළඟ දිග හැරියාටත් පසුව 
ජිවිතයේ හිස්තැන් එකිනෙක කල්පනා කරන මොහොතක 
කෝපි කෝප්පයකට පසහ රැයේ සීතලත් කපාගෙනම 
බාගෙට අටවා ගත් ලැප් ටොප් පරිගණකයේ 
අකුරු වෙන අතරම 
තේරුම් ලැබෙන ජීවිතය 
නොතේරුන ගානට ගෙවන 
මොනවා කරන්නද හිතවත 
කරුමයක මහත 
ඉතින් එන්න අපි ගෙවමු 
ත්‍රිල් එකේ ඒ කට්ට 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.