Ads Top

නෙගටිව් සිතින් ලියමි


නෙගටිව් සිතින් ලියමි

සිත්තම් මායා | අනූ පෙරේරා
           
මා ගත කළේම සුමට ජිවිතයක්. සෑම දුකක් සතුටක් මැද්දෙම මට ඕනේ විදියට මගේ නීති වලට අනුව ගෙවපු ජිවිතයක්. ඒත් තව දුරටත් එය එසේ නොවන බව පසක් වූ දින සිට මා ගෙවන්නේ අපහසුකාර ජිවිතයක්. පිස්සුවෙන් වගේ යාළුවො වටකරගෙන ගෙවපු අතීතය දැන් කොහේ ගියාද නැත. කළකදී මැරෙන්න පවා හිටි උන් අද කොහේ පාවුනාද නැත. උන්ගෙන් ප්රතිචාරයක් නැත. ඉතිං මටත් සිදු උනා වෙනස් වන්නට. මට ඕනෑ හැට්යට නොව ජිවිතයට ඕනෑ හැටියට. තවමත් එයට මා ආධුනික නිසාමද කොහෙද තනිකම දරාගන්නට අපහසු බව මේ මෑතකදී සිහිවිය. සියලූම අතින් මා දැන් වෙනස් වී හමාරය. ඉදිරියේ තවත් වෙනස් වීමට නියමිතය. බැරි බැරියාවේ හෝ වෙනස් කරගත යුතුමය.

            කොලොම්පුරය මට නොපුරුදු තැනක් නොවුනත් දැන් එය හරි ආගන්තුක බවක් ගන්නේ මන්ද යන්න පවා ගැටලුවකි. හැම උදෑසනකම කොලොම්පුරය මා හට අත් දිගුකරන්නේ නවකයෙකු දුටු විලසිනි. එයම මට දරාගන්නට අපහසුය. නිතර දෙවේලේ දකින හිතවතුන්ගේ පවා සිත් ඈත් වීම් දැන් දැන් බහුලය. කෙසේ නමුත් වෘත්තිමය ජිවිතයක් ගෙවන මිනිසුන්ගේ මිනිස්කම් හරි විරල බව මම තේරුම්ගත්තෙමි. එක අතකින් එය සාධාරණත් ඇති.

            කෙසේනමුත් මිනිස්කම්,අධි හිතවත්කම්, අවංකකම්, යනාදී මිනිසෙකුව අංග සම්පූර්ණ කළයුතු වත්කම් වෘත්තිමය වැපසරියකට ඔබින්නේ නැති බවත් පසක් කරගත්තෙමි. ඉතිං සතියේ දින පහක් පුරුදු කරන්නට අණ ලැබෙන දුෂ්ටකමේ ප්‍රතිඵල සමඟ මාගේ සිත පොර බදන්නේ කුමක් දිනන්නටද යන්න මටම ගැටළුවකි. කුමක් හෝ එතැනින් දිනාගත්තත් මරණයෙන් කෙළවර වන ජිවිතයේ කොතැන එය ඔටුණු පළඳනවා ද යන්න සමාජක් විසින් සිතිය යුතු ගැටළුවයි. ඇතැම් විට අබුද්දස්ස කාලේ ලබුත් තිත්ත බව ගම්මුන් කියා ඇත්තේ කට කසනවාටම පමණක් නොවෙනු ඇත යන්න අවසානයක් නැති පීඩිත හැඟුම් අතරේ මට සිතේ.

මිනිසෙකුට මිනිසෙකු වන්නට මොළය පෑදුනා නම්..........


#අනුවා  

Siththam Maya | Anu Perera. Powered by Blogger.