Ads Top

ගඳ සුවඳ මිනිසුන්


ගඳ සුවඳ මිනිසුන් 

සිත්තම් මායා | අනූ පෙරේරා 

දන්නවද 
මිනිස්සු හරිම ගඳයි 
මං හිතුවටත් වැඩියෙන් 
පුදුම තරම් අමනුස්ස ගති 
ඔවුන්ගේ හැබෑ ගතියෙ තියෙනවා 
කොහෙන් කොහොම පළි දරාවිද,
කොහොම අනෙකාව විනාශ කරාවිද 
සිතන්නට පවා කල් නැත 
හැබැයි පරණ මිනිස්සු එහෙම නෑ 
උන් හරි ලෙන්ගතුයි 
මානුෂීය විදියට 
අනෙකාව පරයා නොයන ලෙස 
උන් හරි එකමුතුයි 
ඉතිං මට හුරු මදියි 
ඒ අලුත් ලෝකය 
මිනිස්සු මිනිස්සුන්ට පළි දරන 
මිනිස්සු මිනිස්සුන්ව පාගන 
හැමදාම අලුත්වන අවනඩු ගොන්නක් 
හැමදා මවගේ කන තියමින් සංවාදයට බඳු වන 
ඒ ගතික මිනිසුන් ගැන 
හරියට 
හැම රැයකම බාර් එකට සෙට් වෙන 
දාර්ශනික පුද්ගලයන් දෙදෙනෙකු ලෙසට 
අවසානයේ 
මට හිතෙන්නෙම 
මිනිස්සු යක්ෂ පෙරේතයන්ට බය උන යුගය ඉවර බව  
මේ එළැඹි ඇත්තේ මිනිස් බිය පතුරන යුගයම බව 
ඒ උනාට දන්නවද 
මිනිස්සු ඉපදෙනකොටම සුවඳ බව ?

#අනුවා

Siththam Maya | Anu Perera. Powered by Blogger.