Ads Top

පිටස්තර ක්ෂණික ආදරේ



පිටස්තර ක්ෂණික ආදරේ 

සිත්තම් මායා | අනූ පෙරේරා 

එයා මගේම කෙනෙක් වෙන්න ඕනේ නෑ ආදරේ කරන්න
සෙනෙහෙ පාන්න 
සමසිතින් 
වෙන පවුලක, වෙන ආගමක , වෙන ජාතියක 
වෙන ඕනෑ මගුලක වෙන්න පුලුවනි 
ඉතිං එයා හිටියේ සෙංකඩගල මැණිකෙ 
දෙවෙනි පංතියේ මට ඉස්සරහා සීට් එකේ 
මුසල්මානු ක්‍රමයට දිගට දිගේ දෙපැත්ත පූට්ටු කළාක් මෙන් 
කිසිඳු හැඩක් නැති ඇඳුමකුත් ඇඳගෙන 
මදිවට 
අර ආප්පෙ නැව්වා වගේ තියෙන තොප්පියකුත් දාගෙන 
හැබැයි එයාට තිබ්බේ නෑ 
අනිත් අයගෙ වගේ ඔහේ වැවුණ තණ පිට්ටනිය වගේ තියෙන රැවුලක් 
නිතර දෙවේලේ කොලොම්පුරේ එන හුරුපුරුදු මහන්සියටද මන්දා 
සීට් එකක් උඩ ඉඳගන්න විතරයි ඕනෑ වෙන්නේ 
ඩඩෝං ගාද්දි අපි නිදි 
පෙර වාසනාවට වගේ ජනෙල්ලේ අයිනක්ම සෙට් උනා මදිවට 
හිතා ගන්න බැරි විදියට ෆෑන් එකත් වැඩ
ඉතිං එය සැප නින්දක් නොවන්නේ මන්ද කියන කාරණාව 
උදේ හවා කොලොම්පුරේ රස්සාවට දුවන මිනිස්සුන්ට 
අමුතුවෙන් මං කියන්නට උවමනාවක් ඇත්තේම නැත 
ඒ තියා මරදානෙන් අද්දන කැන්ඩිය ආයේ නවත්තන්නෙ අලව්ව කිව්වම 
ඔව්, ඒ තරමට ඇක්ස්ප්‍රැස් ආයුබෝවන්ඩ 
ඕම සැපේ නිදාගෙන එන අතරෙ 
එකම එක ගැස්සිල්ලකට මං හිතන්නේ මට ඇහරුනා යාගොඩ පහුවෙද්දිම වගේ 
ඇස් අරින පළමු දර්ශනයේදිම ඇස මාට්ටු උනේ 
මට ඉස්සරහින් කන සාක්කුවේ දාගෙන මෙන් නිදා සිටි 
සීට් එක අතරින් පෙනෙන මුසල්මානුවගේ පිටුපසයි 
ඔහුගේ අතක් ජනෙල්ලෙන් එලියට වැටිලා තිබුණා
අර අනිච්චානුගත ක්‍රියාවක් ක්‍රියාත්මක වෙලාද කොහෙද 
මගේ අත ඉක්මනින් එසවිලා ජනෙල්ලෙට ලම්භකව තියවුනා
මට එකම එක පාරකට හිතුණා 
ඔය සත පහකට විශ්වාස කරන්න බැරි ජනෙල්ලේ අර පුංචි අතට වැටෙයි කියලා
මොකද මං ඒ අද්දැකීම් විඳලා තියෙන නිසා 
ඒ සිතිවිල්ලත් ඒ අනිච්චානුගත ක්‍රියාවත් එක්කම ආයෙම අපි තරඟෙට නිදි 
ඒක ඒ තරමට ක්සනික සිදුවීමක්
ඒකයි මං කිව්වේ සෙනෙහ පාන්න සම සතෙක් වෙන්නම ඕනේ නෑ මයෙ හිත් පොජ්ජටනම් 
විශේෂයෙන් පොඩි එකෙකුට කරදරයක් වෙයි කියලා හිතෙද්දී
ඔව් ඒකා පුංචි මුස්ලිම් හාදයෙක් 
කිසිම ඇඳිනීමක් නැති 
ඒත් උට කරදරයක් වෙයි කියලා හිතෙද්දි 
අදාලම උනේ නැත මගේ මේ සිංහල හිතට එය 

#අනුවා

Siththam Maya | Anu Perera. Powered by Blogger.