Ads Top

මෝඩයෙක් - දාර්ශනිකයෙක්


මෝඩයෙක් - දාර්ශනිකයෙක්

සිත්තම් මායා | අනූ පෙරේරා

මචං දන්නවද
මේ ලෝකෙට වැඩක් කරන්න 
මනුස්සයෙකුට උදව් කරන්න 
ජීවිතයක් බේර ගන්න 
සල්ලි වගේම සුපර් පවර්ස් ඕනේම නෑ 
හැබැයි මචං දන්නවද 
මං පොඩිකාලේ ඉඳන්ම 
දෙවියන්ගෙන් ඉල්ලුවා 
සුපිරි බලයක් 
මේ මට ෂුපර් බලයක්
ලෝකේ බේරගන්නම නෙවෙයි 
තවත් තවත් අහිංසක තක්කඩි වැඩ වලටත් එක්කම 
ඒවා මං මෙතැන අමුතුවෙන් කතා කරන්නට මහන්සි විය යුතු නැති බවත් 
ළඟම මිතුරන් යැයි සම්මත 
අසීමන්තික වධකාරයන් ඒ ගැන 
මටත් වඩා හොඳින් දන්නවා යැයි ඉත සිතින් සිතමි
සංතෝසේක මහත කියන්නේ දරුවනී
මට ලැබුනා 
අං බානක ගොං 
සුපිරියට රැවටෙන 
අනර්ඝ ගණයේ හදවතක් 
දෙයියන්ගේ පීටෙන් 
මෙරී ප්‍යාරී ෂුපර් පවර් එක 
ඒකෙන් වැඩක් වෙන්නේ මට නොවුනට 
ලෝකෙම ඒකෙන් වැඩක් ගන්නවා කියලා 
කෙලවෙන හැම මොහොතකම වාගේ 
මාගේ අතිමහත් බුද්ධියට නොවැහෙහෙනවාමත් නොවේ 
ඊටපස්සේ ටිකම ටික කාලෙකට 
මං වෙනවලු හෙන රැඩිකල් දාර්ශනික ටෝක්ස් දෙන ඩෑල් එකක් 
ඒ දවස් ටික හෙමීට හෙමීට එක්ස්පයර් උනාම 
ආයෙමත් වෙනවලු 
අතිමහත් ගෞරවනීය මෝඩයෙක් 
ඒ පරම පුජනීය බුද්ධි සහගත අබුද්ධිය 
පුරා මාස ගාණෙන් ඇතැම් විට අවුරුදු ගණන් පවා පසු කිරිමේ මහා ජයග්‍රහණය අතැතිව 
ආයෙමත් වෙනවලු රැඩිකල් 
පස්සේ ඉතිං චැම්පියන් ගොනෙක් 
ඉතිං වෂ්තුවේ මේක කියවන උයාට හිතෙන්නෙ නැද්ද 
මගේ ජීවිතේ උයාගේ ජීවිතේට වඩා සරලයි සුන්දරයි කියලා 
මෝඩයෙක් - දාර්ශනිකයෙක්


#අනුවා

Siththam Maya | Anu Perera. Powered by Blogger.