Ads Top

අපි හරි දුරයි රාළහාමි


අපි හරි දුරයි රාළහාමි

සිත්තම් මායා | අනූ පෙරේරා

ඔයා දන්නවද, 
මට තේරෙන්නෙම නෑ
ඔයාට වගේ හිර කරගෙන ආදරේ කරන්න 
පහුගිය දවසක තිබුණු 
ඔයාගෙ උපන්දිනේට 
මට හිතුණා ඔයාව 
හුස්ම හිරවෙන්න හිර කරගෙන 
"මාව අතෑරපං කෙල්ලේ" 
කියනකම් තද කරගෙන 
සුබ පතන්න
ඒත් අපි හරි දුරයි රාළහාමි 
සමහරවිට ඔයා ඒ දේ මගෙන් බලාපොරොත්තු වෙන්නත් ඇති 
මගෙ අතින් ඔය හිත රිදෙන්නත් ඇති
හැබැයි මම දන්නවා අදටත් ඔයාගෙ අංක එක මම කියලා 
මතකද එහෙම පොරොන්දුවක් ගත්තා 
ඔයාගෙ කනෙන් මං අල්ලගෙන 
ඒ කාලෙ හරි මරු නේද,
ඔයා දන්නවද  
ලෝකයා කියනවා ඔයාලගේ ආදරේ 
කොන්දොස්තරගෙ ඉතුරු රුපියල වගේලු 
එකම එක දෙයක් තියාගන්න පුලුවන්ද මතක 
සමහර ළමයි 
ඒ ඉතුරු රුපියලට හරි ලෝබයි කියලා 
ඒ ඉතුරු රුපියල ලැබෙනකම් පණ ඇරගෙන බලා ඉන්නවා කියලා

#අනුවා

Siththam Maya | Anu Perera. Powered by Blogger.