අපි නිවුන්නු !
අපි නිවුන්නු !
සිත්තම් මායා | අනූ පෙරේරා
ඔහු මාගේ නිවුන් සහෝදරයා,
අවුරුදු ගණනකට පසු මුණ ගැසුණු
එකම මුහුණත් තහඩුව
එකම බිත්තර අච්චුවකට
ඔව් එකම ලා රතු ලෙයකට
හැබැයි තියෙනවා එයාට
genuine ගති,
මා සතු නැති
එයාට තියෙනවා හිතක්
කිසිම පිරිමියෙකුගෙන් මා නොදැක්
එතරම් සංවේදී හිතක්
අපි හිතන්නේ එකම තාලයකට
අපේ වැඩත් same මොඩලයටම
හැබැයි අපි වෙනස්
ආගමෙන් ජාතියෙන්
නෑ ඔහු එකකවත්
මාගේ කලවම් සිංහල-කතෝලික ජාතියක
මරාගන්නා ජාතීන් දෙකක
අයිනක අපේ අපරාජිත සහෝදර පෙම
මොනා කරන්නද සොඳුර
බෑනේ අපිට මේ මිනිසුන් වෙනස් කරන්නට
හැබැයි මට බයයි උඹ ගැන
උඹට කෙළවෙයි හින්දම ඔය හොඳ හිත
කමක් නෑ මං ඉන්නවනේ එතකොට
මොහොතෙන් හිනා අස්වද්දන්නට
නැති නම් සටන් කරන්නට
තියාගන් මතක දෙයක් එකම එක
යහළුවන් නොව අප
නිවුන් සොයුරන් බව
#අනුවා
Comment with Facebook