Ads Top

Yes, You are Killing Me Baby !


Yes, You are Killing Me Baby !

සිත්තම් මායා | අනූ පෙරේරා 

මිනිස්සු ගති ගුණ වලට කැමති වෙනකොට 
මං එයාගේ ආසම වුණේ පාටට 
ඒ පාටින් එහා කිසිම කෙනෙක් 
බලාපොරොත්තු වුණේ නෑ මම 
- මැට් කළු පාට -
ඉතිං මට සිද්ද වුණා 
එයා ලංකාවට එනකන්ම 
බලාන ඉන්න, ඉවසන්න 
ඉවසන්න, මට දන්නෙම නෑ ඕයි 
ඒත් මගේ perfect match එක එනකම් 
මං බලා හිටපු තරම 
නිදි කීයක් නම් එක දිගට කැඩුනද 
එයාට ඒකට වගක්වත් තිබුණද 
වධ නොදී යනෝකෝ ඕයි කියූ වාර කොතරම් තිබුණද 
ඒත් දන්නවද 
අද එයාව ගන්න යනකොට 
කොච්චර මාව බලාපොරොත්තුවෙන් ඉඳලද 
එයාගේ මුහුණ පිරිමදිද්දී 
අපිට කෙතරම් කිති කැවුනද 
අපි හිසට හිස තියාගෙන කොච්චර ආදරේ කළාද 
මගේ අතට එයා කෙතරම් හීලෑ වුණාද 
මට තාමත් මතක් වෙනවා 
එයාව දෑත බදලා මගේ කරගත්ත මොහොත 
හදවතේ පතුලටම එයා රිංගපු විදිය 
ඇහුනද හිත ඇතුළින් මං ඔයාට කිව්ව එක 
Yes, You are Killing Me Baby !
එහෙම බැලුවොත් අද අපේ ගිවිස ගැනීමේ දිනය 
සාක්ෂියට 
ඉංජිනේරු සහෝදරයන් අත්සන් තියුව 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.