Ads Top

ඌ අඬපු එකෙක් නෙවේ බං


ඌ අඬපු එකෙක් නෙවේ බං 

සිත්තම් මායා | අනූ පෙරේරා 

දැඩි පිරිමියෙක් හැඬුවාලු 
මාගේ උර මත 
ඇය ඕනෑමයි කියා 
මං මොනාද කියන්නේ 
හිත හැදෙන්නට 
උඹ වෙනුවෙන්,
මට අමාරුයි බං 
බලන්න ඔය පිරිමි ඇස් 
පිරිලා තියෙන පට්ට දුකින් 
උඹ අඬන්න එපා බං 
පපුව අල්ලාගෙන 
ලෝකෙම නැති උනා මෙන් 
මට කියපං බං 
ඒකි උඹට ආදරේ වුණේම නෑ නේද 
තනිකරම එය ඒකපාර්ශවීයයි නේද 
උඹව ගණන් ගත්තෙම නෑ නේද 
ඉතිං උඹ ඇයි නැහුනේ 
ඒ නොලැබෙන දුෂ්ඨ හිත මත 
තාමත් මට හිතාගන්න බෑ 
මොකද්ද උඹේ අඩුව ලෙස, 
මට තාමත් මතකයි 
උඹ කිව්වා ඒ හයිය පිරිමි සිතින් 
"ඒකිට පින නෑ බං 
මගේ ආදරේ ලබන්න තරං 
ඒකි නැහෙනවා 
මත්තෙම ආදරේ නැති එකෙක් වෙනුවෙන්"
මට තාමත් තේරෙන්නෑ බං 
මොකද්ද ඒ අමුතු හැඟීම 
'ආදරය' යැයි අකුරු හතරෙන් විස්තර කෙරෙන 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.