Ads Top

නුඹ මාගේ විරාත් කෝලි බව


නුඹ මාගේ විරාත් කෝලි බව

සිත්තම් මායා | අනූ පෙරේරා 

දන්නේ නෑ සොඳුර 
අපේ ඉර හඳ කෙසේ නොගැලපුණ බව 
ඒත් මට සිතෙන්නෙම 
අපි අසම්පූර්ණ පෙම්වතුන් නොවන බව 
නුඹ සොරකම් කළ සිත යළි මට නොදුන්නා වත්ද 
ඒකද මේ දැනෙන ලොකු හිඩැස 
මතකද සුපෙම්වත 
කීවා නුඹ දවසක්, මගේ මුරණ්ඩුකමට ආදරේම බව 
මතකද එදා මං රැකි මුණිවත 
නුඹ එකක් කියන විට දහසක් කියන මට 
එදා කිසිවක් කියාගන්න බැරිවුන බව 
මටම පුදුමයි ආදරේදී මං හරි ලැජ්ජා බව 
කියලවත් නෑ නේද 
මං නුඹේ ආදරේම 
නුඹේ ඔය ජෙනුයින් ගතියට බව 
නුඹේ ඔය තේජස් කටහඬ ට බව 
නුඹේ ඔය ගාම්භීර ඇවිදිල්ලට බව 
නුඹේ ඔය මූණ පුරා ඇති රැවුලට බව 
ඊටත් වැඩියෙන් 
නුඹේ ඔය බැල්මට බව 
අතෝරක් නැතිව කියවන මං දිහාම බලාන ඉන්න ඒ බැල්මට බව 
රාගය මුසු නොවුණු ආදරේ ඉතිරුණු බැල්මට බව 
ගණන් නොගත්තාට මම 
ඒ ආදරේ දැනෙනවා මට 
හරියටම දෙපා ළඟ මුළු ලොවම ලෙස 
අනුෂ්කා නොවුනාට මම 
කියලා තියෙනවා නේද නුඹට 
පෙනුමටත් හැසිරිල්ලටත් 
නුඹ මාගේ විරාට් කෝලි බව 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.