දඩබ්බර සිතක්
දඩබ්බර සිතක්
සිත්තම් මායා | අනූ පෙරේරා
මම පට්ට ආසයි ඒ මුරණ්ඩු හිතට
ඒ නාහෙට අහන්නේ නැති මරි ගතියට
දන්නවද ඒක කරනවා මාවම ස්වාධීන මිනිසෙක්
තාමත් මට හිතාගන්න බැරි
ඒ නසරානි හිතුවක්කාරකම් කාගෙන් උරුම ද බව
කිසිම දේකට කිසිම කෙනෙකුට
තාමත් මං දැකලා නෑ පුළුවන් කමක් මාව නවත්තන්නට
අඩුම තරමෙන් මේ මටවත් මගේ සිතුවිල්ල
මට නම් හිතෙන්නෙම ඒක ආශිර්වාදයක්
වෙනස් වෙන්නට
බහුතරයක් ලොල් සහගත ඔතෑනි ගැහැණුන්ගෙන්
කල් යල් බලාගෙනම පිරිමියෙකුගෙන් යැපෙන්නට සදාතනිකව
මං කරන්නද හොඳ යෝජනාවක්
එහෙමම නැතුව අපි හයියක් වෙමුද
පිරිමියෙකුට ලෝකය ගොඩ නගන්නට
ඇයටත් පුළුවන්
ලෝකයක් තනන්නට - ලෝකයක් වෙනස් කරන්නට
ඇය සීමා විය යුතු නැහැ
ගෙදරක කුස්සියට,
ස්වාමියාගේ නිළ නොලත් සේවිකාව ලෙස
වියදමක නඩත්තුව මාස් පඩි දෙකකින් ගෙවෙන කළ
මොකටද නිවසේ එක් කොටසක් විතරක්ම
ගැහැණියකට සින්නක්කර වෙත්
මට හිතෙන විදියට
උපතින් අපි හැමෝම දඩබ්බර යක්කු
පස්සේ අපි සදාචාරය අරක මේක මත හික්මිලා
මෙලෝ රහක් නැති විදියට
කිසිම ඵල ප්රයෝජනයක් නැති විදියට
එනමුත් ලෝකෙන්ම හංගාගෙන
ගේම් දෙන්නට රුසියන් වෙමින අවාසනාවට
#අනුවා
Comment with Facebook