Ads Top

එය එක්තරා රෝබෝකරණයක් !


එය එක්තරා රෝබෝකරණයක් !

සිත්තම් මායා | අනූ පෙරේරා 

එය නොගැලෙපෙන හැසිරීමක් බව
එසේ නොකරන ලෙස
ඒ අයුරින් කතා නොකරන ලෙස
ඒ විදියට වැඩ කටයුතු සිදු නොවිය යුතු බව 
ලෝකය සාමදාන කිරීම ඔබේ වගකීම නොවන බව 
අනෙකාට හෙන ගැසුවත් ඉදිරියටම යා යුතු බව 
මරණයක් මතින් හෝ ජයග්‍රහණය කළ යුතු බව 
ඕණෑනම් අයෙකුට දුක ඉල්ලමක් කරගත යුතු බව 
හැඟීම් දැනීම රහිත මිනිසෙකු විය යුතු බව 
එසේ වූවිට ජීවත් විය හැකි බව
යන එකී මෙකී කරුණු කන්දරාවක්ම
වත්මන් සමාජයක් ඉගැන්වීය
ඒ අලුත උපන් බිළිඳාට 
හරියටම ඔහු දැන් ජීවත් වෙනවාලු
කරට කර ධනේෂ්වර පැලැන්තිය සමඟ
එනමුත් දන්නවාද නුඹ
ඔහුට නොදැනෙනවාලු 
එලෙසම ඔහු යදිනවාලු
මිලයට ගන්නට බැරි දෙයක් එකම එක
අසල මානයේ වත් නැති
ජීවිතයේ හමුනොවන 
එනමුත් දන්නවාද ඒ ඔහුගේ වරදින් නොවන බව
සමස්ථ සමාජයක් ඒ මත වගකිව යුතු බව 
ඒත් අවසන වන්දිය ඔහුගේ පිට
කෙසේනමුත් අද ඔහු සාර්ථක මිනිසෙක්
කිසිදා "සැනසීම" ලඟා නොවුන

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.