Ads Top

ඒ F*cked කාර්තුව


ඒ  F*cked කාර්තුව 

සිත්තම් මායා | අනූ පෙරේරා 

හරිම නම් ඒ දිනය 
මා හදවතින්ම සතුටු විය යුතුම දිනයක් 
ජයග්‍රහණයේ තුටු 
ඉමක් කොනක් නැතිවම විඳිය යුතු දවසක් 
එනමුත් 
රියැලිටිය එසේ නොවීය 
දන්නවද ඔබ ,
මාස තුනක් පේ උනා මම 
එකම එක අභිමතාර්ථයක සිත 
මිලෙන් වැඩි ප්‍රමාණයෙන් පොඩි 
සෙක්සිම සෙක්සි කැමරාවක් මත 
සුද්දගේ කොම්පැණියේ 
හරියටම කිව්වොත් 
ගොනෙක් මෙන් මම 
පුරා කාර්තුවක් 
රස්තියාදු සෙනසුරාදාවත් කැපකරගෙනම 
චාරිකා කීයක් නම් මඟ අරුනාද 
චාරිකා කීයක් නම් පස්සට වැටුනාද 
එනිසාම 
ඔවුන් මට ශාප කළ තරම
ඔවුන්ගේ සිත් රිදවූ තරම
එවිතරක්ම නෙවේ 
ඒ තමයි මම 
ජීවිතේ පළමු වතාවට 
සීරියස් වුණේ 
මගේ ජයග්‍රහණයට 
තවෙකෙකුට කඹුරමින 
හැබැයි පොඩි අවුලක 
තවම තියෙනවා සිත 
ඒ මගේ හොඳම පෆොර්මන්ස් 
නොවන බව දැනෙන විට 
රියැලිටි වැඩසටහනක කොමෙටුවක් 
නොවේ එය 
සීරාවට මදී මට මගේ කාර්යක්‍ෂමතාවය 
තබමින් මගේ රෙකොර්ඩ් එකක් 
මටම කඩන්නට බැරි වුණු තැන 
එනමුත් සුබ පතන්න 
හිඳිවී ඒ සිහින කැමරාව 
ඉදිරියේදී මා අත්ල මත 

#අනුවා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.