Ads Top

උන් යාළුවෝ !


උන් යාළුවෝ !

සිත්තම් මායා | අනූ පෙරේරා 

ඒකාන්තයෙන් විශ්වාසයි 
මට 
ඉඳීවි දිනෙක 
මඟුලට නැතත් අවමඟුලට 
යහළුවන් පිරෙන්න ඉතිරෙන්න 
එතරමට ඉන්නවා 
අගක් හිඟක් නැතුවම 
දන්නවද උඹ 
තනියක් දැනිලම නෑ මට 
හිතලම තනි උනොත් මිස 
ඉතිං මේ ජාමයක් ගැටගහගෙන 
ගිලුණු කල්පනා ලෝකෙක උන් ගැන 
ඒක හරි මරු බං 
සමහරුන් ගෙවන්නාවූ  
වෙරි බෝරින්ග් ජිවිත වලට වැඩිය 
ලෝකයා සිතාවී 
ගැටළුවක් ඇත්තෙම නැති ලෙසට 
ඉතිං කමක් නෑ 
උන් ප්‍රශ්න විසඳන්නද 
මට නම් සිතෙන්නෙම 
අරගලය තනි තනියෙන් කළ යුතු බවය 
පොදුවේ සතුටු විය යුතු බවය 
මේ මැරෙන ටිකටනේ බං ඔය ඔක්කෝම 
මං දන්නෙම එච්චරයි මිතුර 
හිනාවෙන්නට හරියටම 
පිස්සෙක් ලෙස 
ඔව් පිස්සෙක් ලෙස 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.