Ads Top

ඔව් ඇය තාරකාවක්


ඔව් ඇය තාරකාවක් 

සිත්තම් මායා | අනූ පෙරේරා 

සත්තකින්ම ඇය
රූප රාජිණියක් 
පෙර දිනෙක නුඹලා මනාප වූ පරිදිම
දස්කම් උපරිමයට ඇති
පුහු ආඩම්බරගති නැති
ඇය ආවා පහු ගිය දිනෙක
දිවයිනේ ප්‍රථම වතාවට
සරසවියකින් කළ බයිස්කෝප් එහෙකට
රඟන්නට හරිම සාධාරණව
බැරි වුණානේ එන්නට එදා මුහුරතට 
හරි හරියට අසනීප වුණු මට
ඉතිං මුහුණට මුහුණම
හමුවුනේ පළමු රූගත කරන දින ඇය
ඔව් ඇය තාරකාවක් 
මහපොළවේ බැබලෙන තාරකාවක්
මේකප් නැතුවත් ඇය හරි ලස්සනයිනේ
කතා වුණා අපි ඔය අහු මුළු වල
කෝමහරි මම වෙන් කරගත්තා 
අනිත් උන් පරයා
පළමු දර්ශනයේ රූගත කිරීම බලන්නට
අසුන අසලම ඩිරෙක්ටර් සර් ලඟ
පීපල්ස් අවෝඩ් ලැබුණේ නිකම් නොවන බව
තේරුණේ එදයි සජීවීව රංගනය දුටු විට 
ඔහොම දවසයි ගෙවුණේ 
අපි ෆිට් වුණා ගජරාමෙට
දන්නවද දැනුණෙම නෑ මට
අනිත් උන්ට තේරුණු ඇගේ ඒ සෙලිබ්‍රිටි ලයින් එක
වෙන්නැති බං අපි කවුද එයා කවුරුද
ඒත් දන්නවද ඇගේ හිත හරිම හොඳ බව
හරිම සංවේදී බව
ඇයත් සරල සාමන්‍ය ගැහැණු ළමයෙකු බව
විශේෂයෙන් පට්ට විනෝද බව 
ඔන්න ඔහොමින් ගෙවුණා 
දස දවසක් අපි එකට 
වෙන්වීම දරාගන්නට බැරි මට 
දස දවස අවසන් වන දින 
මොහොතකට මත්තෙන් ඇය සමුදෙන්නට 
රහසේම ඉනුවා කඳුලක් ඈ වෙනුවෙන්ම 
කවුරුත් නොදැන ළඟම උන් විතරක්ම දැන 
දන්නවද ඒ ඇයි ලෙස 
ඒ දවස් දහයම දැනුණේ 
තරුවක් නොව ඇය මට මගේ අක්කෙකු ලෙස 
හරි සැර නීති දාන 
මාත් එක්කම මොංගල් වැඩත් කරන 
හැබැයි දන්නවද 
ඇගේ දැන් හොඳම රසිකයා මං බව 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.