Ads Top

The ගස් ආදරේ Project එක - Care Ra Foundation



The ගස් ආදරේ Project එක - Care Ra Foundation
2018.10.24 
@Besides of Polgahawela Flyover

සිත්තම් මායා | අනූ පෙරේරා 

ඔව් මට හිතෙනවා 
ඒ ගස් හුස්ම ගන්න පටන් ගත්තා කියලා 
මේ අපිත් එක්කම 
හරිම හැඟීම් බරව 
දන්නවද 
ඒ සතුට මේ හිත් වලට බර වැඩි බව 
මිනිහෙක් සම්පූර්ණ වෙන්නට 
ලියන්නලු පොතක් 
සිටුවන්නලු ගසක් 
හදන්නලු පුතෙක් 
මං කියන්නද 
අපි මේක ට්‍රෙන්ඩ් එකක් කරගම්මුද 
ගස් හිටවන එක 
ඒක පට්ට 
මහජනයාගේ කර පිටින් 
මහජනයාට සෙතක් සලසනු වස් ගිය උදවිය
ඩෙඟා නටනකොට 
අපි වෙමුද ටිකක් වෙනස් උන්ට නොබැනම 
අපි හිටවමු ගහක් දෙකක් 
ඒ තරහව පිටවෙන්නත් එක්කම 
කතාවට කියන්නෙම 
එකම එක මිනිහෙකුට 
මිහිමත හුස්ම ගන්නට හෙළන්නට 
මුළු ජීවිත කාලෙම ඕනැලු ගස් පහක් 
ඉතිං මේ මිලියන විසි එකකට 
එහෙම තියෙනවාද මිතුර 
නෑ මම ඇහුවේම නොදන්නා කමට 
ඉතිං කොමහරි අද 
ඔක්තෝබරයේ පුන් පොහෝ දින 
Care Ra ෆැමිලියේ අපි 
ඉෂ්ඨ කළා ලු හැකි පමණින් 
මේ දෙරණ ට කළගුණ 
මතු සබැඳි පොරොන්දුවක් මත 
අපි පහළොස් දෙනෙක් සමඟ 
අහ්හ් තව දෙයක් 
හාස්කම් ඊස් රියල් බව 
කියන්නම ඕනෑ මිතුර 
අපේ වැඩය ඉවරවෙනවාත් සමඟම 
වැහි දෙවියෝ දුටුවාලු 
ඇකිලෙනවා ඒ අළුත උපන් හාදයෝ ටික 
අනික විහිලුවට විහිලුවට 
අපිත් හිරු දෙවියන් දෙස අතම දික් කර 
දොස් කිව්වාලු 
අඩු කරපං බං ඔය බ්‍රයිට්නස් එක 
මං හිතන්නෙම ඒක ඇහිලා වැහි දෙවිඳුන්ට 
හරියටම විනාඩි විස්සක් වැසි දුන්නලු 
අලුත් කුඹුක් හාදයන්ට හිනැහෙන්නට 
මේ අපිටත් පණක් කඳක් එන්නට 

#අනුවා 
#ගස්ආදරේ 
#carerafamily 
#carerafoundation 

Siththam Maya | Anu Perera. Powered by Blogger.