Ads Top

වියසිදුරක බැඳියාව


වියසිදුරක බැඳියාව 

සිත්තම් මායා | අනූ පෙරේරා 

විශ්වාස කරන්න මාව 
හොටු පෙරාන අඬන කෙල්ලෙක් නෙවේ මම 
ඒත් දන්නවද 
හරියටම පැය ගණනක් 
එකම විදියට මගේ හිත 
එකම වේදනාවක් විඳගෙනම 
අකුරුත් අමතක වුණා මට 
උන් ගැන මතක් වනවිට 
හොඳාකාරවම දන්නවා මම 
උන්ව නැවතත් හමුවනා බව 
ඒත් යම් හේතුවකට 
කකියන්නට ගත්තා මුළු හදම 
ඒ සුළු වෙන්වීම දරාගත නොහැකිව 
මං හිතුවෙවත් නෑ බං 
ඒ දවස් දහයට එච්චරටම බැඳෙයි ලෙස අප 
තාමත් කල්පනා කරනවා මං 
ක්‍රමයක්, උන් මතක් වනවිට 
උණන කඳුලක්  නවතාලන්නට 
තාමත් කල්පනා කරනවා මම 
කිසිඳු රාගී හැඟීමක් නැතිව 
කොල්ලෝ තිහක් 
කෙල්ලන් දෙදෙනෙකු රැකබලාගත් පුදුමය 
මචං උඹ දන්නවද 
අපේ රෝම කූපයකටවත් 
හිරිහැරයක් වන්නට දුන්නැති බව 
උන්ටවත් බඩගින්නක් හිතන්නවත් බැරි 
අතිශය කාර්යබහුල වේලාවන් වල 
මගේ කුසගින්න උන්ට ගැටළුවක්ම වුණු බව 
ඉතිං උන් පවුලක් නොවන්නේ කෙලෙසද මා හට 
මේ හිත සැනසෙන්නට 
මේ හිත නැළවෙන්නට 
අපි සෙට් වෙමු වරින් වර, කරමු අපි වැඩ සිනමාවට 
නවක සිනමාකරුවන් ලෙස 
අපි උඹලා එකට 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.