Ads Top

වෙඩිම අපෙනේ !


වෙඩිම අපෙනේ !

සිත්තම් මායා | අනූ පෙරේරා 

උඹ ගේ ඇතුලේ ඉඳන් ආවේ 
හරියට පවුලේ උන් ආවා වගේනේ 
පුදුම සතුටක්නේ උඹේ ඔය ඇස් වල තිබ්බේ 
ඇයි බං එහෙම 
ගමේ උන් එක්ක අපි වෙනුවෙන් ගේම ඉල්ලන්න 
අපි උඹේ කවුද 
මේ විදියට මට අහන්නම හිතුණා 
උඹෙන් වැල නොකැඩි ප්‍රශ්න ටිකක් 
හැබැයි බං ඊටකලින් 
මං අහගත්තා ඒ ප්‍රශ්න ටික මගෙන්ම 
උඹේ ඔය තැන මම හිටියානම් මගේ හැසිරීම 
අම්මපා සත්තයි 
ඔහොමමයි මමත් 
ඒක මාර බැඳීමක් බං 
සමාජයක් කියන්නෙම මේ කාලේ හම්බෙන්නෙම 
තාවකාලික මිනිසුන් බව 
මට තේරෙන්නෑ බං ඔය හරයක් නැති කුණුහරප කතා 
අපි සරලව, හරිම සරලව පටන් ගත්තු මේ පවුල 
අන්න නියම වචනේ, සිනමා පවුල 
හරිම පට්ටයි බං 
කොල්ලෝ සැට් එකකට කෙල්ලෝ දෙන්නෙක් බිහිකරපු 
හරි හමන් අම්මෙක් තාත්තෙක් නැති ඒ අවජාත පවුලට 
මං පට්ට ආදරෙයි බං 
මිනිස්සු වැරදියට ගනීවි 
ඉතිං අපිට මොකද 
අපි කරම්මු පට්ට වැඩ ටිකක් ඉස්සරහට 
අරඹපු එකේ වියසිදුරෙන්ම 
හැබැයි ඊටකලින් අපි කෑගහලා ගමු 
අක්කගේ මඟුලේ ටැග් ලයින් එක 
"වෙඩිම අපේ...නේ...."
අහ්හ් දැන් කට්ටියම මගේ යුටියුබ් චැනල් එක,
"සබ්ස්..ක්‍රා.........යිබ්........."

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.