Ads Top

අනුවාගේ ගෑස්ට්‍රික් ශාන්තිකර්මයට සහභාගී වූවන්


අනුවාගේ ගෑස්ට්‍රික් ශාන්තිකර්මයට සහභාගී වූවන් 

සිත්තම් මායා | අනූ පෙරේරා 

ඒක ලොකු විබාගයක් 
විදියටමයි මගේ මනසේ හැමවෙලාවෙම ඇඳුනේ 
සෙට් එක නම් කීවෙම අපෝ ගොඩදාගන්න පුළුවන් බවමයි 
ඒත් මොකද්ද බයක මගේ හිත පිහිටුවලා තිබුණා 
කවමදාවත් නැති විදියට 
බාගදා මේ මං ජීවිතේ ආසම කරපු සබ්ජෙට් එහෙක 
විබාගයක් නිසා වෙන්නැති 
ඉතිං අපි පාඩම් කළා 
අහු මුළු වල සෙට් වෙලා 
පාන්දර වනතුරුම නිදි වරාගෙන 
අන්න ඔව් කුප්පි දැම්මා බ්‍රයිටෝ ළඟ තියාගෙන 
ඒක වෙනමම ආතල් එකක් ය 
ඒ ගැන වෙනම වෙලාවක කියන්නම් මම 
ඔය පාන්දර ජාමේ වෙනකම් කරන පාඩමේදී 
අපි හොඳ පදමට මිරිසට මුරුක්කු ජාති, කෝපි අරෙහෙ මෙහෙ භාවිතා කළ බව 
ඉස්ටෝරිස් සාක්ෂිය 
ස්වාභාවිකවම මම ගෑස්ට්‍රික් කාරයෙකු වුණු නිසාවෙනුත් 
ඉස්ටෝරිස් බැලු ඔබ තමුන්නාන්සේලා මට බඩම පලයන් ලෙස ඉල්ලු හෙනයත් 
එකට මිශ්‍ර විය 
දෙයියන්ගේ පිහිටෙන් සිකුරාදා දිනයක 
ගෑස්ට්‍රික් ලෙවල් එක උපරිමයට නැගුණි 
ඇඟට අමුත්තක් දැනෙනකොට මට හිතුණෙම 
පැය දෙකක් වැනි හොර නින්දක සිට කාර්යාලගත වෙන අමාරුවම වෙන්නැති බව 
එනමුත් එය වෙනම අතකට හැරුණි 
ගෑස්ට්‍රික් කරුවෙකුගේ වේදනාව දන්නේම තවත් ගෑස්ට්‍රික් කරුවෙකු පමණි 
එනමුත් දිනේශිකා සැලුනේ නැත 
ඇය මා හට, පසුව අනෙකුන්, 
"පිස්සුද යකෝ ඔව්වා දෙන්න" කියමින් දෝෂාරෝපණය කළ සියලුම බෙහෙත් සත්කාරයන් ඉටු කරන ලදී 
නෑ බං ඒ ඒකිගේ හිත හොඳ වැඩි කම බව අනිවාරෙන් මම කිව යුතුමය 
ඩේබී එදා ලීව් ගිය එක නම් මා හට ලොකුම පාඩුවක් විය 
සචීව විශේෂයෙන් සඳහන් කළ යුතුමය 
ඇය හැසිරුනෙම මවක් මෙනි 
සැමවිටම මමා'ස් ගර්ල් වුණු මට එය සෑහෙන්න දෙයක් විය 
මොකද ඒ මොහොතේදී දවස් කිහිපයක ඉඳන්ම මවගෙන් ඈතට වී සිටීමද 
හොරාට දරාගෙන තරමක් අපහසුවෙන් සිටි බව මෙතෙක් දන්නේ මාම පමණක් විය 
ඇන්ජලා මාව ගොඩගැනීමට සැහෙන ගේමක් දුන්නාය 
ඒ මාගේ අනෙක් මාතාවය 
රුවී සහ ෂයි ඒ මොහොතේ අමාරුව තේරුම් ගත්තෝය 
ඉතිං මට ඔෆිසියෙන් පිටවන්නට දුන්නෝය 
ඕෂදී දැනමුතුකම් රාශියක ආහාර වට්ටෝරු ඉදිරිපත් කළාය 
මිනුදී අනිත් හිත උපරිමේට හොඳ එකාය 
අතින් කයිට් කරගෙනම මාගේ ප්‍රවාහන සේවය ද සැලසීය 
දිනේශිකා නැවත මා කරපින්නාගෙන පාඩම් කරන පොට් එකට ඇරලීය 
ඇයට බර වියදම් ය
එතකොට විරා පාඩම් පොට් එකට එනින් ගමනේය 
උන්දෑ ආනමාලු ඇවරියක්ම ගෙන දුන්නේ 
ගෑස්ට්‍රික් වලට හොඳයයි ලෙසය 
ටැංජී සෑහෙන්න මාගේ කොන්ට්‍රෝල් නැති කට පරිස්සම් කළේය 
ගෑස් සහිත බීම ජාති පෙන්නුවෙවත් නැත 
සුලා මහ රෑ ගොස් මාරි බිස්කට් සොයා ආවේය 
කොඩියා, ජනා, බුද්ධියා, තරුවා කලකිරී සෙවීමේ මහා සංග්‍රාමයේ සිටියෝය 
ඔය අතරේ මස්ත බාල්දුවෝ ද සිටියෝය 
ඒ සුළුතරයක් හිටියේම ඔෆිසියේය
බාගදා පැය අටේ උන් නිසා වෙන්නැති 
මෙහෙම ලියන්නට බිය විය යුතුම නැත 
මොකද මම නිදහස් ලේඛකයෙක් වෙමි 
ඒ සඳහා මා හට සෘජු අයිතිය ඇත 
ඉතිං රෙදි උස්සා ආවාට වැඩක් නැත 
අනේ ඒ ගැන ලියා වැඩක්ද නැත 
කෙසේ නමුත් මෙහෙම ඉක්මනින් අකුරු කළේ 
අර කරදරයක් වුණු අවස්ථාවේ පණ නැහැගෙන උදව් කළ උන් වෙනුවෙනි 
ඒ උපකාරය වෙනුවෙන් මේ අකුරු මදි බවත් මට හැඟෙයි 
එනමුත් උඹලාට බොහෝ පිං සිදු වෙයි 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.