Ads Top

අදට සතියයි


අදට සතියයි 

සිත්තම් මායා | අනූ පෙරේරා 

මට හිතෙන්නෙම 
මේ හැමදේම උනේ හොඳට බව 
ඔව් අදට සතියයි 
ඒ හැමදේම කීතු කීතු වලට ඉරිලා ගිහිං 
දන්නවද 
පැල් බැඳගෙන ඔළුවේ තියන් උන් 
ඒ සතියට වෙනස් වුණු තරම 
සමහරවිට උන්ටත් එපා වෙන්නැති 
මේ වුණු නාටක හැමදේම 
ඉතිං අපි මෙහෙම කරමු 
අදින් අවසන් කරමු 
ඒ නාට්‍ය රංගනය සතුටින් 
හිතේ කොනක 
කිසිම තරහක් නැතිවම 
කිසිම කහටක් නැතිවම 
ඒක හොඳයි බං 
අර හිතේ එකක් තියාන 
මුණිච්චාවට සිනහා වෙනවාට වැඩියෙන් 
මට තාමත් තේරෙන්නෑ 
මේ අකුරු ලියවෙන්නට 
පදනම් උනේ කොතන සිත් රිදවීමද යන වග 
හැබැයි කොතැනකම හෝ 
ඔව් කොතනකම හෝ 
දෙයක් සිදුවිය 
විස්තර කරගන්නටවත් නොතේරෙන 
අත හැරෙනවානම් හැරෙන්න 
මාත් අකමැති පරණ මතක තියාන විඳවන්න 
ඒ නිසා නුඹ යන්න 
මගේ දෑහැට නොපෙනී යන්න 
එක්කොත් නෑ ඉන්න 
මමම යන්නම් නුඹව නොපෙනෙන දුරට 
නුඹේ හුස්මවත් නොදැනෙන දුරට 
සැහැසි හොල්බෝන් 
අදට සතියයි 
ආදරණීය 
රිසර්ච් ඩිපාට්මන්ට් එකට පිටුපා උඹ 
ඒක මතක තියාගන්නවද 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.