Ads Top

මගේ හිත බිඳුනා බං එතරමටම !


මගේ හිත බිඳුනා බං එතරමටම !

සිත්තම් මායා | අනූ පෙරේරා 

මට හිතෙනවා ටික දවසකට 
කොහේම හරි යන්ඩ 
පාඩුවේම ඉන්න 
ලෝකෙන්ම හැංගෙන්න 
එකම එක පොතක් 
සමඟින් මගේ පැන්සල 
විතරක්ම ළඟ තියාගන්න 
අඩුම තරමේ 
එපා මට මගේ දුරකථනයවත් 
පුළුවන්නම් තව සිගරට් පැකට්ටුවක් 
එක්ක තනිවෙන්න 
කොහේ හරි ලෝකෙක 
මට හොඳයි කියලා හිතෙන 
එහෙමත් නැති නම් 
කාලයට යන්න දෙන්න 
මගේ හිත හැදෙන්න 
එහෙමත් නැතිනම් 
මමම ඉවත් වෙන්න 
ඒ, මේ විසිරුණ සිහින වලින්ම 
ඔව් මට පුළුවනි 
යකෙක් වගේ වැඩ කරන්න 
සමඟින් හරිම සරලව අත අරින්න 
හැබැයි ඒක ලේසි නෑ 
පොඩ්ඩක්වත් 
මේ කියන සුළුවටම 
මගේ හිත බිඳුනා බං 
එතරමටම ! 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.